ඉන්දියාව පළමුවරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවක් ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
පසුගියදා අගමැති නරේන්ද්‍ර මෝදි විසින් එරට පළමු හයිඩ්රජන් දුම්රිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ සාම්ප්‍රදායික ඩීසල් දුම්රිය එන්ජින් සඳහා වඩාත් පිරිසුදු සහ පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙන හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක දුම්රිය සේවාවන් පවත්වන ලොව පුරා රටවල් අතළොස්ස අතරට ඉන්දියාව එක්වූ බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ජර්මනිය, ජපානය, චීනය සහ අමෙරිකාව රටවල දැනටමත් හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවන් පැවැත්වෙන අතර, ශුන්‍ය කාබන් විමෝචනයක් සහිත මේ දුම්රිය මඟින් පිටවන්නේ තාපය සහ ජලවාෂ්ප පමණක් බැවින් එය පිරිවැය අවම කිරිමට ද හේතුවනු ඇතැයි වාර්තා වේ.
මගීන් 2,500කට පමණ එකවර ගමන් කළ හැකි මැදිරි 10කින් සමන්විත නව දුම්රිය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි උතුරු හර්යානා ප්‍රාන්තයේ ජින්ඩ් සහ සෝනිපට් නගර අතර දිනකට දෙවරක් ධාවනය කිරීමට නියමිතව ඇති අතර, එහි කිලෝමීටර් 90ක දුරින් යුතු දුම්රිය මාර්ගය විවෘත කිරිමද නරේන්ද්‍ර මෝදි අතින් සිදුවූ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. පැයට කිලෝමීටර් 75ක උපරිම වේගයකින් යුතුව ධාවනය වන හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක නව දුම්රිය සේවය මඟින් වසර 2030 වන විට ශුන්‍ය කාබන් විමෝචනයක් සහිත දුම්රිය සේවාවක් සහිත රටක් බවට පත්වීම ඉන්දියාවේ අපේක්ෂාව වී තිබේ.

