Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 පනී: මරණ 53ක්! ජූලි මාසයේදී පමණක් ආසාදිතයින් 19,000කට අධිකයි

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඊයේ (18) දිනයේදී රෝගීන් 843 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්ය.

ජූලි මස පළමු දින 18 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 19,943ක් හඳුනාගෙන ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 39,667කි.

දකුණු පළාතෙන් රෝගීන් 11,610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,305ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය.

ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,762ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,000ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,280ක් හඳුනාගෙන ඇත.

ඩෙංගු ආසාදනයවීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version