ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිශයින්ම වැදගත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් දෙකක් වන වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා මාස 06ක පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් බඳවා ගැනීමේ උත්සවය ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වෘත්තීන් දෙක සඳහා උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගනු ලබන්නේ වසර 05කට පසුවය.
මෙම මාස හයක අනුස්ථාපන හා සමායෝජන පුහුණු වැඩසටහන තුළ නව උපාධිධාරීන්ට රෝහල් පද්ධතියේ නවීන සායනික ක්‍රමවේද, රසායනාගාර තාක්ෂණය, රෝගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම, බහුවිධ සෞඛ්‍ය කණ්ඩායම් සමඟ කටයුතු කිරීම සහ ප්‍රායෝගික සේවා අත්දැකීම් පිළිබඳ පුළුල් පුහුණුවක් ලබාදෙන අතර, පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථිර සේවයට අනුයුක්ත කරනු ලැබේ.
මෙම පුහුණුව තුළම සති දෙකක විශේෂ කළමනාකරණ පුහුණුවක්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මගින් ලබා දීමටද සැලසුම් කර ඇත.

