Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට; මරණ 50ක්, රෝගීන් 73,000 ඉක්මවයි

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 50කි.

ඊයේ (16) දිනයේදී පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වී තිබීම විශේෂත්වයකි.

දත්තවලට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එම පළාතෙන් පමණක් රෝගීන් 38,700ක් වාර්තා වේ. බස්නාහිර පළාත තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (රෝගීන් 15,341ක්) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් (රෝගීන් 14,625ක්) ලෙස සටහන් වී ඇත.

පසුගිය ජුනි මාසය වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් (රෝගීන් 21,538ක්) වාර්තා වූ මාසය බවට පත්ව ඇති අතර, ජූලි මාසයේ ගතවූ දින 16 තුළදී පමණක් රෝගීන් 18,076ක් හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු පිළිබඳව මහජනතාව මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Exit mobile version