Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව පෙරළියක්: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයෙන් ප්‍රථම වරට ශල්‍යකර්ම දෙකක් සාර්ථකව සිදු කරයි

ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්; AI සහිත රෝබෝ තාක්ෂණයෙන් සිදුකළ ප්‍රථම ශල්‍යකර්ම 2 සාර්ථකයි

ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්; AI සහිත රෝබෝ තාක්ෂණයෙන් සිදුකළ ප්‍රථම ශල්‍යකර්ම 2 සාර්ථකයි

ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝ තාක්ෂණයේ සහායෙන් ප්‍රථම වරට සාර්ථක ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

මෙම සුවිශේෂී ශල්‍යකර්ම දෙක පසුගියදා ආසිරි ශල්‍ය රෝහලේදී (Asiri Surgical Hospital) සිදුකර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නව තාක්ෂණික යුගයකට රැගෙන යන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙහිදී වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු රෝබෝ තාක්ෂණයේ සහාය ලබා ගනිමින් සැත්කම් සිදුකළ අතර, ඉන් එකක් වයස අවුරුදු 50ක පමණ කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි. අනෙක් සැත්කම වකුගඩුව ආශ්‍රිත සංකීර්ණ ශල්‍යකර්මයක් බව සඳහන් වේ.

Exit mobile version