Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන්පවර් ආයතනවල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීමට කමිටුවක්

සියලුම රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දුන් කාලය ජූලි 31 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණ කරන මෙන් ප්‍රතිලාභීන්ගෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති, ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය ඉල්ලා සිටියි.

විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 09ක පමණ පිරිසක් මෙම රක්ෂණාවරණයේ සෘජු ප්‍රතිලාභීහු වෙති.

එමෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සමග ලක්ෂ 30ක පමණ පිරිසක් මේ යටතේ ප්‍රතිලාභ ලබන බව ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය කියා සිටියයා.

අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම 2026 අප්‍රේල් ආරම්භ කළ අතර මේ වන විට ලක්ෂ 06 පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් මේ යටතේ සිය තොරතුරු යාවත්කාලීන කර ඇති බව සඳහන්ය.

රාජ්‍ය ආයතන 1900ක පමණ අග්‍රහාර සාමාජිකයන් සේවයේ යෙදෙන බවද එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර එවන ලෙසට එම ආයතනවලට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය සඳහන් කළාය.

මේ දක්වා එලෙස නම් කිරීම් නොකළ ආයතනවලින්ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය නිලධාරීන් මෙම දත්ත පද්ධතියට එකතු කරන දත්තවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බවද එසේ කිරීම මගින් මෙම දත්ත පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බවද පැවසුවාය.

සෑම රාජ්‍ය ආයතනයකටම මේ සදහා සහය වන ලෙස ඉල්ලා සිටි සභාපතිවරිය ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය හරහා පමණක් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පවසා සිටියාය.

Exit mobile version