Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ මුල් මාස පහේ රු. බිලි­යන 197 ඉක්ම­වා ගිය අය­-වැය අති­රි­ක්තයක්

වසරේ මුල් මාස පහේ රු. බිලි­යන 197 ඉක්ම­වා ගිය අය­-වැය අති­රි­ක්තයක්

වසරේ මුල් මාස පහේ රු. බිලි­යන 197 ඉක්ම­වා ගිය අය­-වැය අති­රි­ක්තයක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය අංශය සැල­කිය යුතු වර්ධ­න­යක් අත්කර ගනි­මින් 2026 වසරේ මුල් මාස පහ අව­සන් වන විට රුපි­යල් බිලි­යන 197.3ක සමස්ත අය ­වැය අති­රි­ක්ත­යක් වාර්තා කිරී­මට රජය සමත්ව ඇත.

වසර 2025 අදාළ කාල­ප­රි­ච්ඡේ­දය තුළ රුපි­යල් බිලි­යන 236.6ක අය – වැය හිඟ­යක් වාර්තා වී තිබූ පසු­බි­මක මෙම ජය­ග්‍ර­හ­ණය මෙරට ආර්ථි­කයේ සාධ­නීය හැර­වුම් ලක්ෂ්‍ය­යක් ලෙස සැලකේ.

මහ බැංකු වාර්තා අනුව, 2026 මැයි දක්වා කාලය තුළ රජයේ ආදා­යම හා ප්‍රදාන ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 2,536.9ක් දක්වා සිය­යට 30.6කින් ඉහළ ගොස් ඇත. මීට සාපේ­ක්ෂව සමස්ත විය­දම් හා ශුද්ධ ණය දීම වර්ධ­නය වී ඇත්තේ සිය­යට 7.4කින් පම­ණ­කැයිද මහ බැංකුව කියා­සි­ටියි.

වසර 2025 රාජ්‍ය ආදා­යම හා ප්‍රදා­න­ය­න්වල වටි­නා­කම් වී තිබේන්නේ රුපි­යල් බිලි­යන 1942.36ක් බවද එස වාර්තාවේ දැක්වේ.

මෙරට කාර්මික නිෂ්පා­ද­නයද සිය­යට 1.6ක වර්ධ­න­යක් වාර්තා කර ඇති අතර, ඇඟ­ලුම් නිෂ්පා­ද­නය (සිය­යට 5.8) සහ ලෝහ නොවන ඛනිජ නිෂ්පා­දන (සිය­යට 16.7) මේ සඳහා ප්‍රධාන වශ­යෙන් දායක වී තිබේ.

පෞද්ග­ලික අංශය වෙත ලබා­දුන් ණය ප්‍රමා­ණයද මැයි මාසය තුළ රුපි­යල් බිලි­යන 238.2 කින් ඉහළ ගොස් ඇති අතර එය සිය­යට 27.8ක වාර්ෂික වර්ධ­න­යකි.

විදේ­ශීය අංශය දෙස බලන විට, 2026 ජූනි මස අව­සන් වන විට මෙරට නිල සංචිත ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 6,450ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇත. එසේ වුවද, 2026 වසරේ ජූලි 10 දක්වා කාලය තුළ අමෙ­රි­කානු ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යල සිය­යට 7.9කින් අව­ප්‍ර­මා­ණය වී ඇත.

මේ අතර, මැද­පෙ­ර­දිග පව­තින නොස­න්සු­න්කාරී තත්ත්වය සහ ඉරා­න­යට පැනවූ සම්බා­ධක හේතු­වෙන් ලෝක වෙළ­ඳ­පොළේ බොර­තෙල් මිල ඉහළ යෑමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බව වාර්තාව පෙන්වා දෙයි. පසු­ගිය සති­යට සාපේ­ක්ෂව බ්‍රෙන්ට් (Brent) බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 4.33කින් ඉහළ ගොස් තිබේ.

කොළඹ පාරි­භෝ­ගික මිල දර්ශ­ක­යට අනුව වාර්ෂික උද්ධ­ම­නය ජූනි මාස­යේදී සිය­යට 6.8ක් ලෙස වාර්තා විය. කොටස් වෙළ­ඳ­පොළේ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) පසු­ගිය සති­යට සාපේ­ක්ෂව සිය­යට 1.86 කින් පහළ ගොස් ඇති අතර එය ඒකක 21,765.56ක් ලෙස සට­හන් විය.

මෙම වසරේ මුල් කාල­යේදී රජය අපේක්‍ෂා කළ පරිදි ප්‍රාග්ධන විය­දම් සිදු වී නොමැති අතර එය වසර අව­සාන් වන විට ඉහළ යනු ඇත.

Exit mobile version