Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටාර්හි පියා අමීර්ගේ අභාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත්ගේ ශෝක පණිවිඩය

කටාර් රාජ්‍යයේ පියා අමීර් වන, අතිගරු ෂෙයික් හමද් බින් කලීෆා අල් තානි මැතිතුමාගේ අභාවය පිළිබඳව දැනගැනීමෙන් මම ගැඹුරින් ශෝකයට පත්වෙමි.
කටාර්හි වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නායකයෙකු වූ ඔහු, කටාර් රාජ්‍යයේ විශාල පරිවර්තනයකට නායකත්වය දුන් අතර, ශ්‍රී ලංකාව හා කටාර් අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය සැමදා සිහිපත් වනු ඇත.
කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය අතිගරු ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි මැතිතුමාටත්, කටාර් රජයටත්, එරට ජනතාවටත් මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි.
අල්ලාහ්ගේ කරුණාවෙන් එතුමාගේ ආත්මයට සදාකාලික සාමය ලැබේවා!

Exit mobile version