Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජුලි මස 10 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිමකරනු ලබන ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් වේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැළකිල්ලට ගනිමින් මෙම රෙගුලාසි අදාළ වියයුතු භාණ්ඩ හෝ රටවල් අමාත්‍යවරයා විසින් කාලානුරූපීව නිවේදනය කරනු ඇති බව අදාළ නියෝගයේ සදහන්.

ඒ අනුව රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

බලහත්කාර ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැලැක්වීම සදහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සදහා අතිරේක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා යෝජනා කරනු ලැබීය.

එහිදි ශ්‍රී ලංකාව සදහා සීයයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.

ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ එම නීතී ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බැවින් මෙම අතිරේක බදු පැනවීම සිදුකරන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව රෙගුලාසියට අනුව මින් ඉදිරියට බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කරනු ලබන හෝ නිමකරනු ලබන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබේ.

Exit mobile version