Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් – ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

නිසි ප්‍රමිතියෙන් තොර එල්.ඊ.ඩී. බල්බ් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය තහනම් කර ඇති බවත් ඒවා අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සදහන් කරයි.

එල්.ඊ.ඩී. බල්බ් අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇතැයිද එම අධිකාරිය කියයි.

මේ වන විට රට පුරා විවිධ පුද්ගලයන් ප්‍රමිතිය රහිත එල්.ඊ.ඩී. බල්බ් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ස්ථාන වැටලීමටත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

2020 මැයි 28 දින අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව එල්.ඊ.ඩී. බල්බ්වල (වොට් 60ට හෝ ඊට අඩු) අවම බලශක්තිය ලේබලය අලවා නොමැති බල්බ් අලෙවිය සපුරා තහනම් බවද එම අධිකාරිය අවධාරණය කරයි. එවැනි බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version