Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කරන්නේ යම් කාලයකදී එම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් සහිතව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම දිට්වා නිසා හානි වු කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද මෙම වසර අවසනයේ හෝ 2027 වසරේ පළමු මාස දෙක වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අපි සංචාරක සහ අනෙකුත් සියලු ක්ෂේත්‍ර එක්ක ගත්තහම, මේ නුවර ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට එක හේතුවක් තමයි මේ කෝච්චිය අද වෙන කොට නැති එක. මං දන්නවා ඔබතුමාලා මේකේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට යම් කාර්යභාරයක් කරනවා. හැබැයි ප්‍රශ්නය ඇමතිතුමනි, දැන් මාස හතක් වගේ කාලයක් ගිහිල්ලත්, මම දැක්කා අර ස්ථාන හයක සමාජ මාධ්‍යවල ගියපු ඔබතුමාලාගේ කට්ටිය වැඩ කරන එකේ, එක ස්ථානයක් හදලා තමයි ඊළඟ තැනකට එන්නේ. හැබැයි ඇමතිතුමා, වාසනාවකට වගේ ඔය වගේ තැන් හයක් විතරක් ඉතුරු වුණේ. වැරදිලා හරි තැන් විස්සක් තිහක් එහෙම වුණා නම්, අපේ ජීවිත කාලෙටවත් මේක හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ විදිහටම ගියොත්, මොකද සංචාරකයන්ගේ ‘බකට් ලිස්ට්’ එකේ තියෙන එකක් තමයි ඔය ‘ඇල්ල පාර’ වගේ දේවල්.

ඉතින් මීට වැඩිය ඇමතිතුමා, එක්කෝ ඔය තැන්වලට ප්‍රවේශ වෙන විකල්ප ක්‍රමවේද හරි යොදාගෙන, යම් කඩිනම් ක්‍රමවේදයක් තුළ මේක හදන්න වැඩපිළිවෙලක් සූදානම් කරන්න මහාමාර්ග අමාත්‍යාංශය හැටියට ඔබතුමාලාට පුළුවන්කම තියෙනවද? මොකද එහෙම නැති වුණොත්, මහනුවර සංචාරකයන් එක්ක ඇති වෙන ප්‍රශ්නය මීට වැඩිය බරපතල තැනකට යනවා.

පළවෙනි කාරණය තමයි, ඒ දුම්රිය මාර්ගවලට අවශ්‍ය කරන ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනියන්න පුළුවන්කම තිබෙන්නෙත්, අපි මේ කතා දුම්රිය මාර්ගය පමණයි. ඒවාට බඩු ගෙනියන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මමත් ගිහිල්ලා බලන කොට දැක්කා, නානුඔය සහ අඹේවෙල කොටසේ විශාල රක්ෂිත කැලයක් තිබෙන්නේ. ඒ එක්කම තියෙන්නේ කෝච්චි පාර විතරයි. ඒ නිසා අපිට සමහර තැන්වල කැලෑ කපාගෙන යන්න බැහැ. අතිවිශාල කඳු පද්ධති මැද්දේ තමයි මේවා තිබෙන්නේ. ඒ නිසා ඒකට ඇත්තටම වෙනත් උත්තරයක් නැහැ. ඒක එකක්.

දෙක තමයි, අපිට කෙසේ හෝ හැම තැනම එකපාර හදන්න බැහැ. අපි ඇත්තටම ජනවාරි මාසයේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එකතු වෙලා වැඩ කරනවා දැන් මාස හතරක් තිස්සේ. අපි හිතාගන්න බැරි තරම් විශාල පැකේජ් ප්‍රමාණයක් දීලයි තියෙන්නේ. නමුත් සමහර තැන් තියෙනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඉතාම බරපතල ලෙස නායගියපු තැන්. ඒවා NBRO එකටම පමණයි, ඉංජිනේරු සැලසුම් සහ ගොඩනැගීම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම බලපා තිබෙනවා.

ගම්මුන්ගේ උදව්වෙන් අතුරු මාර්ග හදාගෙන ගිහිල්ලා අපි කෝච්චි පාර හදන්න ප්‍රවේශ මාර්ග සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඒකේ එක උත්සාහයක් තමයි අපි එන්ජිම ගෙනාවේ. නුවර ස්ටේෂන් එකේ ඉඳලා පාරෙන්. ඉතින් මේ ඔක්කොම උත්සාහයන් දරන්නේ සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් කරන්නයි. සාමාන්‍ය ක්‍රමයට හැදුනා නම් ඔබතුමා කියන එක හරි, ජීවිත කාලේ කොහොම වෙතත් (ඔබතුමා තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ) සැලකිය යුතු කාලයක් යනවා. දැන් මට තේරුමක් ඇතුව කියන්න පුළුවන්කම තියෙන්නේ, අපි විශ්වාස කරනවා වත්තේගම – මාතලේ කොටස හැරුණහම, අනිත් සියලුම දුම්රිය මාර්ග කොටස් අපිට මේ වසර අග, නැත්නම් ලබන වසරේ ජනවාරි – පෙබරවාරි වෙන කොට හදන්න පුළුවන් වෙයි කියලා.

වත්තේගම සිට මාතලේ කොටසට පමණක් අපිට තව මාස හයක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පැහැදිලි කිරීම තමයි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න තිබෙන්නේ.”

Exit mobile version