රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 22 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
ඒ සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.
රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමට අදාළව මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

