Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාරදෙයි

ශෂීන්ද්‍ර ඇතුළු 3කුට අධිචෝදනා භාරදෙයි

ශෂීන්ද්‍ර ඇතුළු 3කුට අධිචෝදනා භාරදෙයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුකෙරුණා.

අනතුරුව විත්තිකරුවන් එක් එක් අය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම, විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කෙරුණා.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 05 වැනිදා යළි කැඳවන ලෙසයි අධිකරණය නියම කළේ.

නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම්කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළවලට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ.

අදාළ දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 88 ලක්ෂ 50,000ක වන්දි ලබාගත් බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.

එමගින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Exit mobile version