Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීම්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීම්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීම්

දිවයින පුරා පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග 7,500කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙම පියවර ගනු ලැබුවේ මහජනතාව අපහසුතාවයට පත් කිරීමට නොව, රටේ ඩෙංගු වසංගතය පාලනය කරමින් ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් බැවින්, එම ක්‍රියාවලිය නිසා යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද, ඉදිරියේදීත් නිවාස, ආයතන ඇතුළු සියලු පරිශ්‍රයන් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන බවත්, මදුරුවන් බෝවන ස්ථාන හමු වුවහොත් මින්පසු කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිවේදනයකින් තොරව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු දැඩිව අනතුරු අඟවා සිටී.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා,

”දැනට ලංකාවේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ මොහොත දක්වා දිවයින පුරා ඉන්න මහජන පරීක්ෂකවරු අධිකරණ ක්‍රියාමාර්ග 7500කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව.. විශේෂයෙන්ම මෙම අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කරන්න නෙමේ.. දැනට රටේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය පාලනය කරගන්න සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින්.. ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන ගිහින් පහසුතාවයට පත් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා.. නමුත් ඉදිරියේදීත් අපි නිවාස, ආයතන පරිශ්‍ර සියල්ල පරීක්ෂා කරනවා.. මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන් අය හමුවුණොත් නැවත දැනුම්දීමකින් හා නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි අනතුරු අඟවනවා..”

Exit mobile version