Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව හොඳම දූපත් ගම­නා­න්තය ශ්‍රී ලංකාව – Big 7 Travel

ලොව හොඳම දූපත් ගම­නා­න්තය ශ්‍රී ලංකාව - Big 7 Travel

ලොව හොඳම දූපත් ගම­නා­න්තය ශ්‍රී ලංකාව - Big 7 Travel

සංචා­රක ආක­ර්ෂ­ණය අතින් ලොව ඉදි­රි­යෙන්ම සිටින රටක් බව යළිත් වරක් සනාථ කර­මින්, 2026 වසරේ ලොව හොඳම දූපත් ගම­නා­න්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ගෝලීය සංචා­රක වේදි­කා­වක් වන ‘Big 7 Travel’ මඟින් ප්‍රකා­ශ­යට පත් කරන ලද 2026 වසරේ ‘ලොව හොඳම දූපත් 50’ (The 50 Best Islands in the World) ලැයි­ස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

මෙම වාර්ෂික ශ්‍රේණි­ගත කිරී­ම්වල හත්වන සංස්ක­ර­ණය මඟින් ශ්‍රී ලංකාව ලොව විශි­ෂ්ට­තම දූපත් ගම­නා­න්තය ලෙස හඳු­නා­ගෙන ඇති අතර, ඒ සඳහා මාධ්‍ය ආව­ර­ණය, සමාජ මාධ්‍ය ජන­ප්‍රි­ය­ත්වය, නැඟී එන සංචා­රක ප්‍රව­ණතා සහ සංස්කා­රක මණ්ඩ­ලයේ ඇග­යීම් පද­නම් කර­ගෙන තිබේ. ශ්‍රී ලංකාව මෙම ජය­ග්‍ර­හ­ණය හිමි­කර ගත්තේ ප්‍රංස පොලි­නී­සි­යාවේ මෝරියා (Mo’orea), යේම­නයේ සොකෝත්‍රා (Socotra), පෘතු­ගා­ලයේ මැඩෙ­යිරා (Madeira) සහ ඉක්ව­දෝ­රයේ ගැල­ප­ගෝස් (Galápagos) වැනි ජාත්‍ය­න්ත­රව ප්‍රසිද්ධ දූපත් අභි­භවා යමිනි.

ශ්‍රී ලංකාව මෙලෙස ප්‍රථම ස්ථාන­යට පත්වී­මට බලපෑ ප්‍රධාන හේතු කිහි­ප­යක් වෙයි. සැත­පුම් 833ක් දිග මන­රම් වෙරළ තීරය, මීදු­මෙන් වැසුණු මධ්‍යම කඳු­ක­රය සහ සශ්‍රීක තේ වතු, පොහො­සත් සංස්කෘ­තික උරු­මය සහ විශිෂ්ට ජෛව විවි­ධ­ත්වය, වන­ජීවී සංචාර සඳහා ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යා­නය සහ යුනෙස්කෝ ලෝක උරු­ම­යක් වන සීගි­රිය පර්වත බළ­කො­ටුව ඒ අතර ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාවේ ඇති ස්වාභා­වික සුන්ද­ර­ත්වය, ඉති­හා­සය, වන­ජී­වීන් සහ සංස්කෘ­තික විවි­ධ­ත්වය නිසා එය වෙනත් කිසිදු ස්ථාන­ය­කට නොදෙ­වැනි ගම­නා­න්ත­යක් බව ‘Big 7 Travel’ ආය­ත­නය පෙන්වා දෙයි. මෙය ප්‍රකට දේශ­ග­වේ­ෂක මාර්කෝ පෝලෝ විසින් වරක් ශ්‍රී ලංකාව ‘ලොව ඇති ප්‍රමා­ණ­යට සාපේ­ක්ෂව විශි­ෂ්ට­තම දූපත’ ලෙස කරන ලද විස්ත­රය තව­දු­ර­ටත් තහ­වුරු කර­න්නකි.

මේ වසරේ ලොව හොඳම දූපත් 10 අතර ශ්‍රී ලංකා­වට ප්‍රමු­ඛ­ස්ථා­නය හිමිව තිබෙන අතර, ඊට අම­ත­රව ප්‍රංශ පොලි­නී­සි­යාව (මෝරියා), යේම­නය (සොකෝත්‍රා), පෘතු­ගා­ලය (මැඩෙ­යිරා), ඉක්ව­දෝ­රය (ගැල­ප­ගෝස් දූපත), බහ­මාස් (ග්‍රේට් එක්සි­යුමා), සීෂෙල්ස්, අය­ර්ල­න්තය (අචිල් දූපත), තායි­ල­න්තය (කෝ ලයිප්) සහ ග්‍රීසිය (මිලොස්) සෙසු දූපත් වෙයි.

Exit mobile version