Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් සභා ඡන්දය ගැන දැනුම්දීමක්

පළාත් සභා ඡන්දය ගැන දැනුම්දීමක්

පළාත් සභා ඡන්දය ගැන දැනුම්දීමක්

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ මූලික බලාපොරොත්තුව බවත් එහි නිල දිනය තීරණය වන්නේ පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබා ගන්නා කාලය මත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

මීට පෙර පැවති පාලන සමයන්හිදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හඳුන්වා දුන් ව්‍යාකූල නීතිමය තත්ත්වයන් හේතුවෙන් වසර ගණනාවක සිට මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අඩාල වී තිබුණි.

මෙම නීතිමය ගැටලුව නිරාකරණය කරමින් පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමයට හෝ නියමිත නව සංශෝධන සහිත ක්‍රමයකට මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව තුළ නව පනතක් සම්මත කරගත යුතු බව රජය මීට පෙර පෙන්වාදුනි.

Exit mobile version