Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක් හා රෝගීන් 51,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි

මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.

ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව සඳහන් කලේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,049ක්.

ඉන් රෝගීන් 17,208 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ පවතින ජුනි මාසය තුළදී වීම විශේෂත්වයක්.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වලින් දැනට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා හඳුනාගෙන ඇති අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බැවින්, අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

Exit mobile version