Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝගයක්

ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝගයක්

ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝගයක්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.

අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛයට අනුව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රමවේදය යටතේ මෙම පියවර ගන්නා ලෙසයි අධිකරණය දැනුම් දුන්නේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.

Exit mobile version