ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛණාව 1069 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නි.අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කරනවා.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,037ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම,මේවන විට මේ හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ද 28ක්.
ඩෙංගු උණ රෝග ලක්ෂණ -:
තද උණ
වමනය/ඔක්කාරය
හිසරදය
අගපත වේදහාව
ඇස් යට වේදනාව
මුහුණ හා උඩුකය ප්‍රදේශය රත් පැහැයක්
ගැනීම (පැහැපත් සමක් ඇති අය තුළ
පහසුවෙන් දැකිය හැකියා)
සම යට කුඩා ලේ (රතු පැල්ලම් මවම
හා සුළු වශයෙන් සිදුවන ලේ ගැළිමේ
තත්වයන්
දින දෙකකට වඩා උණ පවතීනම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලඛා ගන්න.
අවදානම් රෝග ලක්ෂණ:
පහත සඳහත් රෝග ලක්ෂණ ඇති වුවහොත්
ඉක්මනින් ප්‍රතිකාර සැදහා යොමු වීම වැදගත්.(3 වන දිනයේ හෝ ඊට පසුව වැඩි වශයෙන් දැකිය
හැකි වේ).
උණ බැස ගියද රෝගියාගේ රෝග ලක්ෂණ.
වල වැඩිවීමක් පෙන්නුම් කිරීම.
ආහාර හා දියර ගැනීම ප්‍රතික්ෂේප කීරීම.
උදරයේ ඇතිවන තද වේදනාව.
අප්‍රාණ්ඩික භාවය/ නොසන්සුන්බව/ නොරුස්සනභාවය/අධික නිදි මත බව.
පැය හයක් තුළ හෝ ඊට වැඩ කාලයක් තුල
මුත්‍රා අඩුවෙන් පිට වීම/ මුත්‍ර පිට නොවීම.
රුධිරය වහනය වීමේ තත්වයන් (නහයෙන්,
විදුරු මසෙන්, සමෙන්, යෝහි මාර්ගයෙන්)
කළු / දුඹුරු පැහැයෙන් වමනය / මල පහ
පිටවීම.
ඩෙංගු උණ රෝග ලක්ෂණ ඇත්නම්,
වෙහෙසකර කටයුතුවලින් වැළකී විවේක ගන්න. දරුවන් පාසල් යැවීමෙන් වැළකි
සිටින්න.
උණ පවතින කාලයේ හැකිතාක් දුරට මදුරු දෑලක් යට විවේකීව සිටින්න.
නියමිත මාත්‍රාවට හා නියමිත කාල පරාසයන් තුල පමණක් පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න.
උණ හෝ වේදනා සමනය කීර්මට ඇස්ප්‍රින්,ස්රොටියිඩ් හෝ වෙඟත් වේදනානාශකඖෂධ කිසිම ආකාරයකින් (සපොසිටර්ආකාරයෙන් හෝ) ලබා දීමෙන් වලකින්න.
දියර වර්ග පානය කරන්න. මේ සඳහා කැඳ, සුප්, ජීවහී, කීරී, පළතුරු යුෂ වඩාත් යෝග්‍ය වේ.
පහසුවෙන් දිරව්‍යය හැකි සැහැල්ලු ආහාර ගන්න.රතු, දුඹුරු, කළු පැහැති ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.
ඩෙංගු වැළැක්වීමට ඔබේ පරිසරය පිරිසිදුව තබාගත හැකි ක්‍රම,
ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්,ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න,විනාශ කරන්න/ විකුණා මුදල් උපයා ගන්න/වළලා දමන්න/වතුර නොරැඳෙන සේ තලා දමන්න.
ඉවතලන ටයර් වලට වැලි පුරවන්න/ සිදුරු කරන්න/ජලය නොරැදෙන සේ ගබඩා කරන්න.
ඩෙංගු මුදුරුවන්ගේබිත්තර ඇලෙන සුළු බැවින් වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශිතකරණ තැටිය සතියකට වරක් බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.
වැහි පිහිළිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කොට නීතර පිරිසිදු කරන්න පිරිසිදු කල නොහැකි හා හැඩය වෙනස් වී ඇති වැහි පිහිළි ගලවා දමන්නන.
ජලය රැදෙන බ්‍රොලියා වැනි ශාක ඉවත් කරන්න වගා කිමෙන් වැළකී සිටින්න.
ජලය රැදිය හැකි උණ පුරුක්, ගස් බෙන වැහි ස්ථාන ජලය නොරැදෙන පරිදි තබා ගැනීමට සැළකිලිමත් වන්න.

