අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙනුවෙන් නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.එස්. කොතලාවල මහතා සඳහන් කළේ, කල්පිටිය, කුරුණෑගල, අකුරැස්ස සහ මඩකලපුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.
මීට අමතරව, මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, පුද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 8ක් සඳහාද ඉදිරියේදී නව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

