Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිල වත්මන් මට්ටමේම පැවතුනහොත් අගෝස්තු හෝ සැප්තැම්බර් වෙද්දී තෙල් මිල අඩු විය හැකියි

ඉන්ධන මිල වත්මන් මට්ටමේම පැවතුනහොත් අගෝස්තු හෝ සැප්තැම්බර් වෙද්දී තෙල් මිල අඩු විය හැකී

ඉන්ධන මිල වත්මන් මට්ටමේම පැවතුනහොත් අගෝස්තු හෝ සැප්තැම්බර් වෙද්දී තෙල් මිල අඩු විය හැකී

ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල වත්මන් මට්ටමේම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ අරමුණක් රජයට නොමැති බවයි.

වත්මන් තත්ත්වය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විටත් රජය විසින් සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සහනාධාරයක් ජනතාව වෙනුවෙන් ලබා දෙන බවය.

ඉන්ධන මිලදී ගැනීම සාමාන්‍ය වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව සිදුකළ නොහැකි බවත්, එය නිසි ටෙන්ඩර් පටිපාටිවලට අනුව එකඟ වූ මිල ගණන් යටතේ ලබා ගැනීමට සිදුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“දැනුත් හැම ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ආණ්ඩුව දෙනවා.. පෙට්‍රල්වලට 20ක් වගේ.. තෙල් ගන්නේ කඩේට ගිහින් බඩුවක් ගන්නවා වගේ නෙමේ.. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ.. ඒ ටෙන්ඩර් අනුව එන ඒවා, ඒ මිලටම ගන්න වෙනවා.. නමුත් අපි හිතනවා අගෝස්තු, සැප්තැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වයම තිබුණොත් ජනතාවට සහනයක් ලැබෙයි කියලා.. රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.. මේ ඔක්කොම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආර්ථිකය ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ආර්ථිකයේ ඉහළ කොටස අපි ගොඩ නඟලා තියන නිසා.. ආණ්ඩුව තෙල්වලින් ලාභ උපයන්න බලාපොරොත්තුවක් නෑ.. අපිත් ඇත්තටම ඉල්ලලා තියෙනවා හැකි විගස තෙල් මිල අඩු කරන්න කියලා”

Exit mobile version