Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ගැන නියෝගයක්

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ගැන නියෝගයක්

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ගැන නියෝගයක්

විදේශගත වීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් කළ ඉල්ලීම සඳහා නිසි දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබේ.

දූෂණ චෝදනාවක සැකකරුවකු වශයෙන් නම් කර සිටින සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද (19) කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ.

සැකකාර සජීන් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෞද්ගලික කටයුත්තක් සඳහා සිය සේවා දායකයාට විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මහාධිකරණය සඳහා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් බවයි අදාළ ලේඛන පරීක්ෂාවට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා වෙනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයාට නියම කළ අතර ඒ අනුව නිසි ලේඛන සහිතව තමන් ඉදිරි දිනයක අල්ලස් කොමිසමටද නොතිසි ලබාදී මෙම ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version