Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙ­රි­කාවේ නීති දෙපා­ර්ත­මේ­න්තුව විසින් සැක කට­යුතු වෙබ් අඩවි 13ක් තහ­නම් කෙරේ

අමෙ­රි­කාවේ නීති දෙපා­ර්ත­මේ­න්තුව සැක කට­යුතු වෙබ් අඩවි 13ක් තහ­නම් කරයි

අමෙ­රි­කාවේ නීති දෙපා­ර්ත­මේ­න්තුව සැක කට­යුතු වෙබ් අඩවි 13ක් තහ­නම් කරයි

චින ඔත්තු බැලී­ම්ව­ලට සම්බන්ධ බවට සැක කෙරෙන වෙබ් අඩවි 13ක් තහ­නම් කිරී­මට අමෙ­රි­කානු නීති දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රහස්‍ය තොර­තුරු ලබා­ගත හැකි අමෙ­රි­කානු ජාති­ක­යන් ඉලක්ක කර­මින් ව්‍යාජ උප­දේ­ශන ආය­තන ලෙස පෙනී සිටි බව කිය­මින් එම වෙබ් අඩවි තහ­නම් කළ බව අමෙ­රි­කානු නීති දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර තිබේ.

ආර­ක්ෂක කට­යු­තු­ව­ලට ප්‍රවේශ වීමේ අව­සර ඇති අමෙ­රි­කානු ජාති­ක­ය­න්ගෙන් එම රහස්‍ය තොර­තුරු ලබා ගැනීම සඳහා චීන නියෝ­ජි­ත­යන් විසින් මේ වෙබ් අඩවි 13 භාවිත කර ඇතැයි අමෙ­රි­කානු බල­ධා­රින් සැක පහළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මේ පිළි­බඳ පසු­ගි­යදා ‘ෆයිව් අයිස්’ නමැති බුද්ධි සන්ධා­නය මඟින් අන­තුරු ඇඟ­වී­මක් සිදු කළ බවද වාර්තා වේ.

අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව සහ නව­සී­ල­න්තය රට­වල් ඇතු­ළත් එම සන්ධා­නය සිදු­කළ අන­තුරු ඇඟ­වීමේ පණි­වු­ඩ­යෙන් සඳ­හන් කර ඇත්තේ චීන හමුදා බුද්ධි අංශ විසින් රහස්‍ය තොර­තුරු ලබා­ගැ­නීම සඳහා එම වෙබි අඩවි භාවිත කරන බවය.

වෙබ් අඩවි තහ­නම් කිරීම සම්බ­න්ධව එරට මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශයේ (එෆ්බී­අයි) ප්‍රති බුද්ධි සහ ඔත්තු බැලීමේ අංශයේ සහ­කාර අධ්‍යක්ෂ රෝමන් රොෂාව්ස්කි සඳ­හන් කර ඇත්තේ අමෙ­රි­කාවේ අති­සං­වේදී තොර­තුරු පරි­හ­ර­ණය කිරි­මට අව­සර දී ඇති අමෙ­රි­කානු ජාති­ක­යන් මුළා කර­මින් තොර­තුරු ලබා ගැනී­මට සිදු කරන ඕනෑම උත්සා­හ­යක් හෙළි­ද­රව් කර ව්‍යාර්ථ කිරි­මට පිය­වර ගන්නා බවය.

Exit mobile version