Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දුනීසියාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් දුර්ලබ ඔරන්ඔටන් රැසක් මිය යයි

ඉන්දුනීසියාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් දුර්ලබ ඔරන්ඔටන් රැසක් මිය යයි

ඉන්දුනීසියාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් දුර්ලබ ඔරන්ඔටන් රැසක් මිය යයි

ඉන්දුනීසියාවට බලපෑ සෙන්යාර් සුළි කුණාටුව හේතුවෙන් අතිශය දුර්ලබ ඔරන්ඔටන් ගහනයෙන් 7%ක් මිය ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිව තිබෙනවා.

2025 වසරේ නොවැම්බර් මාසයේ දි ඉන්දුනිසියාවට ලබපෑ සෙන්යාර් සුළි කුණාටුවෙන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වුණා.

2025 වසරේ දී අග්නි දිග ආසියාවට බලපෑ මාරාන්තිකම ස්වභාවික ආපදාව ද එය ලෙසයි සැලකෙන්නේ.

දින 4ක කාලයක් තුළ දී සුමාත්‍රා දූපත්වලට ඇති වු අධික වර්ෂාපතනය හා නායයාම් හේතුවෙන් ඔරන්ඔටන් 58 දෙනෙකු එම ගහනයට අහිමිවී ඇති බව සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින ටැපනුලි ඔරන්ඔටන් 800කටත් අඩු සංඛ්‍යාවක් පමණක් ලොව තුළ වාසය කරන බවටයි ගණන් බලා ඇත්තේ.

Exit mobile version