Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශයේ සරම්ප රෝගයෙන් මියගිය සංඛ්‍යාව 601 දක්වා ඉහළට

බංග්ලාදේශයේ සරම්ප රෝගයෙන් මියගිය සංඛ්‍යාව 601 දක්වා ඉහළට

බංග්ලාදේශයේ සරම්ප රෝගයෙන් මියගිය සංඛ්‍යාව 601 දක්වා ඉහළට

බංග්ලාදේශයේ පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 601 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGHS) නිල වශයෙන් තහවුරු කර තිබේ.

පසුගිය පැය 24 තුළ පමණක් තවත් දරුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම තත්ත්වය වාර්තා වූ බව වැඩි දුරටත් සදහන් වේ.

ඒ අනුව වාර්තා වී ඇති සමස්ත මරණ 601න්, මරණ 90ක් රසායනාගාර පරීක්ෂණ මගින් සරම්ප ලෙසම තහවුරු කර ඇති අතර ඉතිරි මරණ 511 සරම්ප රෝග ලක්ෂණ සහිතව සිදුවූ මරණ (Suspected Deaths) ලෙස වර්ග කර තිබෙන බව සදහන් වේ.

මාර්තු 15 වනදා සිට මේ දක්වා කාලය තුළ සරම්ප වැළඳී ඇති බවට සැකකෙරෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 74,572 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 9,191 දෙනෙකු සරම්ප රෝගීන් බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. මියගිය සහ රෝගාතුර වූවන්ගෙන් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් වේ.

මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඩකා (Dhaka) අගනුවර කලාපයටයි. රට තුළ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් පසුගිය කාලසීමාවේදී ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ එන්නත් හිඟය මෙම දරුණු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ලෙස UNICEF ආයතනය පෙන්වා දේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ වෙනත් ජාත්‍යන්තර සහන සංවිධාන එක්ව බංග්ලාදේශ රජය සමඟ මේ වන විට හදිසි එන්නත්කරණ වැඩසටහන් සහ ප්‍රතිකාර සේවා කඩිනම් කිරීමට පියවර ගනිමින් සිටීයි.

Exit mobile version