Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිකුණාමල වරායේ නෞකාවන් 3ක මෙහෙයුම් එකවර

ත්‍රිකුණාමල වරායේ නෞකාවන් 3ක මෙහෙයුම් එකවර

ත්‍රිකුණාමල වරායේ නෞකාවන් 3ක මෙහෙයුම් එකවර

ත්‍රිකුණාමලය වරායට අයත් අෂ්‍රොෆ් නැව් තටාකාංඝණය තුළ ත්‍රීකුණාමලය වරාය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජැටියේ තුන් පසම නෞකා 3ක් එකවර මෙහෙයුම් කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

මන්නාරම සුළං විදුලි බාලාගාරය වෙත සුළං විදුලි ටවර් 05ක් රැගත් AAL BANGKOK නෞකාව එක් වේදිකාවක් තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි,

ජැටියේ තවත් වේදිකාවක් මත ඩුබායි සිට ප්‍රති අපනයනය සඳහා රැගෙන එනලද ඉදිකිරීම යකඩ කම්බි ටොන් 17000 ක් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ HAI LONG 1 නෞකාවයි.

සිමෙන්ති සමාගම සඳහා ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එනලද ගල් අඟුරු ටොන් 55,000 ක් UNIWELL නෞකාව මගින් ගොඩබෑමද අස්රොෆ් ජැටියේ අනෙක් කොටසේ සිදු කරනු ලබනවා.

ත්‍රිකුණාමලය වරායේ මෙලෙස එකවර නෞකාවන් 3ක් මෙහෙයුම් කටයුතුවල නිරත වී ඇත්තේ පළමු වතාවට බවයි වරාය අධිකාරියේ කළමනාකරු සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ.

තවද මෙමගින් රු.මි.300 කට වැඩි අදායමක්ද ලැබී තිබෙනවා.

Exit mobile version