Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදල් අවභාවිත චෝදනාවකට හිටපු ඇමැති බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග

මුදල් අවභාවිත චෝදනාවකට හිටපු ඇමැති බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්

මුදල් අවභාවිත චෝදනාවකට හිටපු ඇමැති බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නීතිපති උපදෙස් මත පොදුදේපල පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරන ලදි.

එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට නියෝග කළේය.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් එම මුස්ලිම් ටී ෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටී ෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ සටහනකට මෙම ටී ෂර්ට් බෙදාහැර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Exit mobile version