Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2026 යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම වසරේ යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කිරීමට මුලින් ඇස්තමේන්තු කර තිබුණද, වත්මන් තත්ත්වය අනුව එය හෙක්ටයාර 450,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි අපේක්ෂා කරන සඳහන්.

ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කර ඇති අතර, රට තුළ පැවති පොහොර සංචිතවලින් මේ වනවිට මෙට්‍රික්ටොන් 48,297.87ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගෙන බෙදාහැරීම සිදුකරමින් පවතින බව සඳහන් වනවා.

2026 අප්‍රේල් 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවීන් වෙත ලබාදීමටද අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව, යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගෙන ගොවීන් වෙත සැපයීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

Exit mobile version