Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරයි

දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරයි

දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරයි

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් බදු මූලධර්ම මත පදනම්ව දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

බදු අනුකූලතාවය ඉහළ නැංවීමට මෙම සංශෝධන සිදු කළ බව ඔහු සඳහන් කළේය.

දේශීය ආදායම් පනතට එක් කළ නව සංශෝධන පිළිබඳව ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ආදායම් බදු පනත අනුව සෑම පුද්ගලයෙකුම තම ආදායම මත පදනම්ව බදු ගෙවීමට යටත් වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පුද්ගලයන් සඳහා බදු නිදහස් ආදායම් සීමාවක් පවතින බවද සඳහන් කළේය.

පෙර වසරවල වාර්ෂික බදු අයකිරීමේ අවම සීමාව වූ රුපියල් ලක්ෂ 12 බවත් එය ලක්ෂ 18 දක්වා ඉහළ දමා ඇති බවත් වාර්ෂිකව ලක්ෂ 18කට අඩු ආදායමක් ලබන පුද්ගලයින්ට බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පැවසීය.

යම් පුද්ගලයෙකු ස්ව කැමැත්තෙන් ආදායම් බදු ගෙවා ඇත්නම් ඊළඟ තක්සේරු වර්ෂයේදී එම පුද්ගලයාගේ බදු මුදල ඉහළ ගියහොත් ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඉක්මනින් සහ පහසුවෙන් බදු ගෙවීමට අවස්ථාව සලසා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟ එකඟතාවයකින් තොරව හිතාමතා බදු නොගෙවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

නව සංශෝධන මඟින් බදු ගෙවීම වඩාත් සරළ සහ පහසු කර ඇති අතර අනවශ්‍ය තක්සේරු ලිපි සහ ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියද ඉවත් කර ඇති බවද සඳහන් කළේය.

මෙම සංශෝධන හරහා බදු පදනම පුළුල් කිරීම, බදු පරිපාලනය වැඩිදියුණු කිරීම, සාධාරණත්වය සහ බදු ගෙවීමේ පහසුව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

වාහන ආනයනය සඳහා පනවා ඇති නව බදු සංශෝධන පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, පුද්ගලික පරිහරණය සඳහා ගෙන්වන වාහන සඳහා මාස තුනක කාලයක් සඳහා අතිරේක බදු පැනවීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.

එහි අරමුණ පුද්ගලික වාහන ආනයනය මාස තුනක කාලයක් ප්‍රමාද කිරීම බවද ඔහු පැවසීය.

මෙම තීරණය මඟින් වාහන මිල ඉහළ නැංවීමක් සිදු නොවන බවත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට ඉඩ සලසමින් අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයන් වැළැක්වීම මෙහි අරමුණ බවද පැවසුවේය.

Exit mobile version