Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිර දඬුවම්

සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිර දඬුවම්

සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිර දඬුවම්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හලාවත මහධිකරණය විසින් ඊයේ (15) එම නියෝග ලබාදී තිබෙනවා.

මීට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද හලාවත මහධිකරණය විසින් නියම කර තිබුණා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

කෙසේ වෙතත්, සනත් නිශාන්ත මහතා 2024 ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වීම හේතුවෙන්, ඊයේ (15) අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණයි.

අදාළ නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේ, සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Exit mobile version