Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් ඉල්ලීමක්

තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට උපැවිදිවන ලෙස ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් එම චීවරධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙලෙස මේ බව සඳහන් කළේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින්.

ඒ වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (14) පැවති පිංකමට වැඩමකළ අවස්ථාවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත් නිර්දෝෂී වුවහොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවයි.

Exit mobile version