Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන හමු­දාවේ තෙල් නෞකා තොර­තු­රු­ව­ලට අමෙ­රි­කා­වෙන් ඩො.මි 25ක මුදල් තෑගි

ඉරාන හමු­දාවේ තෙල් නෞකා තොර­තු­රු­ව­ලට අමෙ­රි­කා­වෙන් ඩො.මි 25ක මුදල් තෑගි

ඉරාන හමු­දාවේ තෙල් නෞකා තොර­තු­රු­ව­ලට අමෙ­රි­කා­වෙන් ඩො.මි 25ක මුදල් තෑගි

ඉරාන ආර­ක්ෂක හමු­දා­වට සහ එහි යටි­තල පහ­සු­ක­ම්ව­ලට සම්බන්ධ බොර­තෙල් බෙදා­හැ­රීමේ කට­යුතු පිළි­බඳ තොර­තු­රු­ව­ලට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 15 දක්වා මුදල් ත්‍යාග පිරි­නැ­මී­මට අමෙ­රි­කාවේ රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර තිබේ.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අමෙ­රි­කානු බල­ධා­රින් සඳ­හන් කර ඇත්තේ ඉරාන විප්ල­වීය ආර­ක්ෂක බළ­කායේ තෙල් නැව්ගත කිරීම්, නීති­වි­රෝධී ලෙස බොර­තෙල් හුව­මාරු කරන නෞකා හෝ සමා­ගම් සහ ඒ ආශ්‍රිත ක්‍රියා­කා­ර­කම් සහ පුද්ග­ල­යන් සම්බ­න්ධව තොර­තු­රු­ව­ලට එම මුදල් ත්‍යාග පිරි­න­මන බවය.

ඉරා­නයේ විප්ල­ව­වීය ආර­ක්ෂක බළ­කාය සම්බ­න්ධව බුද්ධි තොර­තුරු සහ මූල්‍ය­ජාලා තොර­තුරු එක්රැස් කිරීම් අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ දිගු­කා­ලීන වැඩ­ස­ට­හ­නක් වන අතර, ඉරාන ආර­ක්ෂක බළ­කායේ නීති­වි­රෝධී මුල්‍ය­ජා­ලය සම්බන්ධ තොර­තු­රු­ව­ලට ඩොලර් මිලි­යන 15 දක්වා මුදල් ත්‍යාග පිරි­න­මන බව මීට වසර තුන­කට පෙර ජෝ බයිඩ්න් පරි­පා­ල­නය යටතේ එනම්, 2023 වස­රේදී අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර තිබේ.

Exit mobile version