Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝදි, පටි තදකරගන්න ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක්

මෝදි, පටි තදකරගන්න ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක්

මෝදි, පටි තදකරගන්න ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක්

පවතින ලෝක යුධමය තත්වයන් හේතුවෙන් මිල ඉහළ යාම්, ගෝලීය ආර්ථික බාධාවන් සහ සැපයුම් දාමයේ අභියෝගවලට ඉන්දියාවට සාර්ථකව මුහුණ දීම සඳහා සාමූහිකව සහයෝගය ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සියලුම ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉරිදා දිනයේ (10) දකුණු හයිද්‍රාබාද් නගරයේ පැවති ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ දේශප්‍රේමය යනු රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීමට ඇති කැමැත්ත පමණක් නොව මෑත කාලයේ පවතින තත්ත්වයන් යටතේ පුරවැසියන් ලෙස සිය දෛනික ජීවන කටයුතුවලදී ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම බවයි

ප්‍රධාන වශයෙන් මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනීමට ඉන්දියානු ජනතාවගෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඉල්ලීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල් සහ පොහොර සඳහා වැයකරන මුදල් සීමාකරන ලෙස මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලා තිබෙන අතර අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කර ඉන්ධන පිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසත්, පෙට්‍රල් සහ ඩීසල් භාවිතය අඩුකිරීමට දුම්රිය, විදුලි වාහන හෝ පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙසත් දැනුම්දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ඩීසල් භාවිතය වෙනුවට සූර්ය බලශක්තියට යොමු වන ලෙසත්, සූර්ය බලයෙන් ක්‍රියාකරන ජල පෝම්ප යන ආදිය භාවිත කරන ලෙසටත් මෝදි උපදෙස් ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට වැඩකිරීමට යොමුවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර රටින් පිටතට මුදල් ගලායාම වැළැක්වීම සඳහා විදේශ සංචාර අඩුකරන ලෙසත්, විදේශයන්හි පවත්වන මංගල උත්සව නතර කර ඒ වෙනුවෙන් රට තුළම සංචාරයන්හි නිරත වෙන ලෙසත් නරේන්ද්‍ර මෝදි සිය ජනතාවගෙන් ඉල්ලීම් කර ඇති බවයි

විදෙස් විනිමය ඉතිරි කරගැනීම සඳහා වසරක් යන තුරු රත්‍රං මිලදී ගැනීම සීමා කරන ලෙස හා අත්‍යාවශ්‍ය නොවන රන් ආභරණ මිලදී ගැනීමෙන් වළකින ලෙසත් මෝදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු රුපියල ශක්තිමත් කිරීම මෙන්ම ආනයන වියදම් අඩුකිරීම තුළින් රුපියලේ අගය පහත වැටීම පාලනය කිරීම මෙම පියවරයන්ගේ මුලික අරමුණ බවයි.

Exit mobile version