Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රුපියල් බිලියන 112ක පූර්ණ රජයේ ප්‍රතිපාදන මත ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්.

පසුගිය මාස 18ක කාලය තුළ මුදල් අමාත්‍යාංශය විසින් අනුගමනය කළ උපායමාර්ගික නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති බවට මෙය කදිම සාක්ෂියක් බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම කලක් දුරස්ථ සිහිනයක් වූ දෙය මෙම ව්‍යාපෘතිය දැන් යථාර්ථයක් වී ඇති බවත් එය රටේ ආර්ථික ශක්තිය විදහා දක්වන සන්ධිස්ථානයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Exit mobile version