Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (09) නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව සිකුරාදා (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වැටලීමක් සිදු කිරීමෙන් අනතුරුවයි.

කුරුණෑගල පොදු බස් නැවතුම්පොළේ සහ මහජන වැසිකිළි පද්ධතියේ පිරිසිදු කිරීමේ කටයුතුවලට අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් සහ මාසිකව තවත් ලක්ෂ 5 බැගින් ලබාගැනීමට එකඟ වී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ජාතික ජන බලවේගය යටතේ පාලනය වන කුරුණෑගල මහනගර සභාවේ බලය තහවුරු කරගැනීමේදී කිසිදු පක්ෂයකට තනි බහුතරයක් හිමි නොවූ අතර, පසුව විවිධ පාර්ශ්වයන්ගේ එකඟතාව මත එහි පාලන බලය පිහිටුවනු ලැබුවා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොයුනුදීන් මහතා එම අවස්ථාවේදී ජාතික ජන බලවේගයට සහාය දැක්වූ අතර, ඒ අනුව ඔහුට නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමි වුණා.

මේ අතර, මෙම අල්ලස් සිද්ධිය වාර්තා වීමත් සමඟ ක්‍රියාත්මක වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, මොහොමඩ් මොයුනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

Exit mobile version