Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන් මිල ඉහළට

රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස රත්‍රං මිල ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, ඊයේ (06) උදෑසන 8.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් තිබේ.

ඊයේ (06) උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම, අඟහරුවාදා දින (05) දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ඊයේ (06) වනවිට රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Exit mobile version