Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස්

චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් ඊයේ දින (03) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.

ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා පැවසීය.

චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් 27වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ පස්වන අදියර කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06වැනිදා නවතා දැමු බව සමූහ මිනිවළ කැනීම් නිලධාරීන් පැවසීය.

පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබු අතර, ඉන් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබිණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද කැනීම් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

ඒ තුළින් හමුවු අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨය භාරයේ තබා ඇති බවද සඳහන්.

Exit mobile version