Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22 නකු අත්අඩංගුවට

යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට

යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත්වූ තරුණයින් 22ක්, එම යතුරුපැදිද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට බාධා වන ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම පොලිස් භාරයට ගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක්ද තිබී හමු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 කඩුවෙල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් වන බවද පොලීසිය පැවසුවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලබන 05වනදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි යුතු බවයි.

Exit mobile version