Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට අමෙරිකාවේ සැලසුමක්

ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට අමෙරිකාවේ සැලසුමක්

ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට අමෙරිකාවේ සැලසුමක්

ඉරානයට එරෙහිව ගත හැකි කෙටි සහ ප්‍රබල හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකාවේ මධ්‍යම හමුදා මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව යුද සැලසුම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීම ඊයේ සිදුවීමට නියමිතව තිබූ අතර, මේ පිළිබඳ අදහස් පළ කිරිම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ. ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රබල ප්‍රහාරමාලාවක් සඳහා අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය සැලසුමක් සකස් කර ඇති බවත්, එම සැලසුමට අනුව වෙළෙඳ නෞකාවලට නැවත යාත්‍රා කිරිම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධියේ කොටසක් අත්පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එවැනි මෙහෙයුමක් සඳහා ගොඩබිම් ප්‍රහාර සිදු කිරිමට සිය හමුදාව යෙදවීමටද අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන්ද මේ සාකච්ඡාව සඳහා එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉරානයේ සිවිල් යටිතල පහසුකම් විනාශ කරන බවට මීට පෙර අවස්ථාවකදීද ට්‍රම්ප් තර්ජනය කර ඇති බැවින් එවැනි ප්‍රහාර යුද අපරාධවලට සමාන විය හැකි බවට ජාත්‍යන්තර නීති විශේෂඥවරුන් අනතුරු අඟවා ඇති අතර, යුද්ධයේදී සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ස්ථානවලට පහරදීම නීතිවිරෝධි බවට 1949 ජිනීවා සම්මුතියෙන් තහනම් කරනු ලැබූ බවද නීති විශේෂඥවරුන් පෙන්වා දී තිබේ.

එසේ වුවත් හෝමූස් විවෘත කිරිමට ඉරානය එකඟ නොවීම සහ සාකච්ඡා සඳහා න්‍යෂ්ටික වැඩසටහන ඇතුළත් නොකිරිමට තීරණය කිරිම හේතුවෙන් දෙරට අතර යුද අර්බුදය සඳහා මෙතෙක් විසඳුමක් ලැබී නැති අතර, එය ට්‍රම්ප්ගේ අප්‍රසාදයට සහ කෝපයට හේතු වී ඇතැයිද වාර්තා වේ.

Exit mobile version