Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියට

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියට

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියට

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී මහත්මියව එරට බන්ධනාගාරයක සිට නිවාස අඩස්සියට පත් කිරීමට එරට හමුදා පාලනය විසින් පියවර ගෙන තිබේ.

2021 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් ඇයගේ රජය බලයෙන් පහකිරීමෙන් පසු ඇයගේ සිරදඬුවම මෙලෙස ලිහිල් කර ඇත්තේ බෞද්ධ නිවාඩු දිනයක් වන බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නිවාස අඩස්සියට මාරු කිරීමත් සමග 80 හැවිරිදි වියෙහි පසුවන හිටපු නායිකාව මුණගැසීමට ඇයගේ නීතිඥ කණ්ඩායම මෙම සති අන්තයේදී කටයුතු සූදානම් කර තිබේ.

ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇයගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටයි.

මීට අමතරව වත්මන් ජනාධිපති මින් ආන් ලයින් මහතා විසින් ඇයගේ සිරදඬුවම මාස කිහිපයක් තුළ දෙවරක්ම අඩු කර ඇති අතර ඒ අනුව ඇයගේ සිරදඬුවම් කාලය වසර 18ක් දක්වා අඩුවී තිබේ.

කෙසේ වෙතත් මෙම පියවර හුදෙක් ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ ප්‍රචාරක උපක්‍රමයක් බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

Exit mobile version