Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාල්කාන්තව අත්අඩංගුවට ගන්න යැයි ලාල් කාන්තට එරෙහිව පැමිණිල්ලක්

ලාල්කාන්තව අත්අඩංගුවට ගන්නෙයි ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

ලාල්කාන්තව අත්අඩංගුවට ගන්නෙයි ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් ඊයේ(23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

අමාත්‍යවරයා වසර 14ක් තිස්සේ රජයේ දේපළ අවභාවිත කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රැඳී සිටි බවට එමගින් චෝදනා එල්ල කර තිබෙනවා.

එම පෙරමුණ පවසන්න‍ේ, කේ. ඩී. ලාල්කාන්ත, 2001 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට 2010 වසරේ පෙබරවාරි මස 9 වැනිදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර, මන්ත්‍රී ධූරයක් නොමැතිව 2010 වසරේ සිට 2024 වසර දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් වෙන්කර ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ D-10 නිවාසයේ පදිංචි වී සිට තිබෙන බවයි.

එම පෙරමුණේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, මෙම දූෂිත ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක විය යුතු බවත්, මන්ත්‍රීවරයෙකු නොවන පුද්ගලයෙකු රජයේ නිල නිවාසයක් මෙතරම් කලක් පාවිච්චි කළේ කෙසේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියා.

Exit mobile version