රාජ්‍ය දැව සංස්ථාවේ වසර ගණනක සිට පැවති පුරප්පාඩු රැසක් සම්පුර්ණ කරමින් නව නිලධාරින් සදහා පත්වීම ලිපි ප්‍රදානය කිරීම සිදු විය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දැව සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍ර ශ්‍රවණාගාරයේදි ඉකුත් අඟහරුවාදා (21) වැඩසටහන පැවැත්විණි.මෙම අවස්ථාවට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහාචාර්ය නිශාන්ත පටබැඳි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි විය.
පරිසර අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවේ වසර ගණනක සිට තනතුරු රැසක පුරප්පාඩු පැවති අතර වත්මන් රජය, අග්‍රාමාත්‍ය සමාලෝචන කමිටුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව පුරප්පාඩු 241ක් සම්පුර්ණ කිරීම සදහා අවසර හිමි විය.
ඒ අනුව ඉංජිනේරු සහකාර, සහකාර කළමනාකාර (අලෙවි), සහකාර කළමනාකාර (පාලන), සහකාර කළමනාකාර (මුදල්), ඉරුම්හල් උපදේශක, සුළු පරිපාලක, යන්ත්‍ර ක්‍රියාකරු, පර්යේෂණාගාර සහකාර, ඇතුළු අංශ 16ක් සදහා නිලධාරින් 99 දෙනෙකුට ඊයේ(22) දිනයේ අමාත්‍යවරයා අතින් පත්වීම් හිමි වුණි
ඒ අනුව රාජ්‍ය දැව සංස්ථා දැනට පුරප්පාඩු 241න් අවස්ථා 02කදී පුරප්පාඩු 132ක් සම්පුර්ණ කර ඇත.
පසුගිය ජනවාරි මාසයේ සිට සිදු කරනු ලැබූ සම්මුඛ පරීක්ෂණ වලට අනුව මෙම නිලධාරීන්ට පත්වීම් හිමි වූ අතර අනෙකුත් පුරප්පාඩු කිහිපයද කඩිනමින් සම්පුර්ණ කිරීමට නියමිතයි.
රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසරේදී සුවිශේෂී ලාභයක් හිමිකරගත් ආයතනයක් වන අතර එම තත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නවක පත්වීම් ලාභින්ගේ සේවය ලබා ගැනීමට අපේක්ෂිතය.
පරිසර අමාත්‍යාංශය යටතේ මේ වනවිට ආයතන 10ක් පවතින අතර ඒවායෙහි දීර්ඝ කාලයක සිට පවතින සේවක පුරප්පාඩු පරිසර අමාත්‍යතුමන් සහ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සෘජු අධික්ෂණය යටතේ කඩිනමින් සම්පූර්ණ වෙමින් පවති.

