Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ගුවන් යානා 9ක් අහිමි වෙයි

ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ගුවන් යානා 9ක් අහිමි වෙයි

ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ගුවන් යානා 9ක් අහිමි වෙයි

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තුළ මේ වන විට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා අවම වශයෙන් 9ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමකට සහාය වීමට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වී තිබණි.

පසුගිය 5වනදා වාර්තා වුයේ එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම ඒවා විනාශ කර ඇති බවය.

එමෙන්ම මධ්‍යම ඉරානයේ ගිනිගෙන විනාශ වූ යානාවල සුන්බුන් සහිත ඡායාරූප මේ වන විට එය තහවුරු කර ඇත.

පසුගිය 3වනදා මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා තිබුණි.

එදිනම පර්සියානු ගල්ෆ් කලාපයේදී A-10 Warthog යානයක් අනතුරට පත් වූ අතර එහි ගුවන් නියමුවා ආරක්ෂිතව ඉවත් වීමට සමත්වූ බව සඳහන් විය.

පසුගිය මාර්තු 29වනදා සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් E-3 Sentry වර්ගයේ විධාන සහ පාලන යානයක් දෙකඩ වී ඇති බව තහවුරු වූ ඡායාරූප මඟින් පෙනී යයි.

මාර්තු 12 වෙනිදා බටහිර ඉරාකයේදී KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙය සතුරු ප්‍රහාරයක් නොවන බව අමෙරිකානු මධ්‍යම විධාන මූලස්ථානය පවසයි.

මාර්තු 2 වෙනිදා කුවේට් රාජ්‍යයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු F-15E යානා තුනක්, අත්වැරදීමකින් එල්ල වූ මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයකින් බිම හෙළා තිබුණි.

මෙහිදී යානාවල සිටි නියමුවන් 6 දෙනාම පැරෂුට් ආධාරයෙන් දිවි බේරා ගැනීමට සමත් විය.

Exit mobile version