වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සදහන් කර තිබේ.
කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් අඩු කරන බවයි එම සංගමය විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.
මෙම මිල සංශෝධනයන් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත් වේ.

