හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයක් සිදුකරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබුණි

