මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් තිබේ
ඒ අනුව රුසියාව ආසන්න වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට අධික ආදායමක් උපයන බවයි වාර්තා වන අතර රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇති බවයි සඳහන් වන්නේ.
නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් අප්‍රේල් 11 වනදා තෙක් මිලදී ගැනීමට ලොවපුරා රටවලට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව වාර්තා වනවා.
තෙල් හා ගෑස් අලෙවියෙන් රුසියාවේ ආදායම මෙම මාසය අවසානයේ දී ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 24 දක්වා දෙගුණ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.

