ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි ජීවිතක්ෂය පත් වී ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරකින් ඔහු මිය ගොස් ඇති බවත් මෙම ප්‍රහාරයෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් රැසක් මිය ගොස් ඇති බවත්ය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඉරාන නාවික හමුදාපති විසින් කරන ලද්දක් බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඉරානය මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර නොමැත.
අලිරේසා තංසිරි 2018 වර්ෂයේදී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති ලෙස පත් කර තිබේ.
මීට පෙර ඔහු 2010 සිට IRGC නාවික හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇත.

