Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මෙරට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

අඟහරුවාදා දින (24) පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසම ඉදිරියට ගෙනයාමට තීරණය වූ බව මහ බැංකුව නිවේදනය කළා.

දේශීය හා ගෝලීය ආර්ථිකයේ සිදුවන වර්ධනයන් මෙන්ම, විශේෂයෙන් මැදපෙරදිග කලාපීය ගැටුම් හේතුවෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා.

වර්තමානයේ පවතින දත්ත සහ ආර්ථික අවිනිශ්චිතතාවන් සැලකිල්ලට ගනිමින්, 2026 වසරේ දෙවන කාර්තුව වන විට මෙරට උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමට ළඟාවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන බව සඳහන්.

Exit mobile version