මැද පෙරදිග අර්බුදය හමුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක, දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ ලොවට අහිමි වන බවත්, ලොව කිසිදු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බවත්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්‍යක්ෂ ෆාටී බිරෝල් සදහන් කරයි.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝකය දරුණුතම බලශක්ති අර්බුදයට ඇද දැමිය හැකි බවටත් මේ තත්ත්වය “ඉතා දරුණු” දෙයක් බවටත් ඔහු අනතුරු ඇඟවූයේය.
කැන්බරා හි ජාතික මාධ්‍ය සමාජයේදී කතා කරමින් බිරෝල් පැවසුවේ වත්මන් අර්බුදය දැනටමත් 1970 ගණන්වල විනාශකාරී තෙල් කම්පන දෙකේ පරිමාණය ඉක්මවා ගොස් ඇති බවයි.
ගෝලීය ආර්ථිකය දැන් “ප්‍රධාන තර්ජනයකට” මුහුණ දී සිටින බවත්, අර්බුදය ගැඹුරු වුවහොත් කිසිදු ජාතියකට බේරීමට එයින් නොහැකිවනු ඇති බවත් බිරෝල් මෙහිදී අනතුරු ඇඟවීය.

