මෙරට තුළ ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශීයකයින් පැමිණීම අධෛර්‌යමත් කරන, සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන, මහජන පෙළබවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉකුත් සෙනසුරාදා (21) මෙම සැකකරු අත්අඩංගුවට බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු වයස අවුරුදු 53ක්වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

